2018 අගෝස්තු මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-08-07 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’, ‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘C’ : “හානිපූරණය සඳහා වන කාර්යාලය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘D’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘E’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 සහ 2015 වර්ෂ සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තා
(ii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(vi) 2017 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(viii) 2017 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(x) 2017 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) 2017 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2018.06.01 සිට 2018.06.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xiii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අප්‍රේල් 12 දිනැති අංක 2066/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අප්‍රේල් 24 දිනැති අංක 2068/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මැයි 15 දිනැති අංක 2071/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi) 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii) 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා වෙනුවෙන් ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලකී ජයවර්ධන මහතා
(ii) ගරු අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු සී. බී. රත්නායක මහතා
(iv) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(v) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිරිනාල් ද මෙල් මහතාට 2018.07.19 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2018 අගෝස්තු මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






