ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 ජූලි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-07-20

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XIX, XX සහ XXII කොටස්;  
  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXII කොටස, හතරවැනි කාණ්ඩයේ VI කොටස, පස්වැනි කාණ්ඩයේ VII සහ හයවැනි කාණ්ඩයේ V කොටස;  සහ
  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)   2016 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)  2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික පාලන වාර්තා

(iv)  2017 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
භූගත ජල මූලාශ්‍ර සඳහා ජල මානයන් සවි කිරීම

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චෙයි ගම්මානයෙහි පානීය ජල ප්‍රශ්නය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1845 ට 2018 අගෝස්තු මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි