2018 ජූලි මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-07-19 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012, 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික වාර්තා හා ගිණුම්
(ii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2014 වර්ෂය සඳහා ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v) 2013 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ix) 2015 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(x) 2017 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xi) 2017 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(iii) ගරු අශෝක ප්‍රියන්ත මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුවන පුරාවිද්‍යා කටයුතු
(ii) ගරු අනුර දිසානායක මහතා
මත්තල ගුවන්තොටුපළෙහි අයිතිය විදේශීය සමාගමකට පැවරීම
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සම්බන්ධයෙන් 2018.06.06 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය, ගරු විජිත් විජයමුණි සොයිසා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“සුරාබදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ‘නිව් යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1846 ට 2018 ජූලි මස 20 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






