2018 ජූලි මස 18 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-07-18 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කටයුතු කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘B’ : සම්බන්ධීකරණ කාරක සභාවේ පළමු රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV කොටස සහ තෙවැනි කාණ්ඩයේ IX කොටස;
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVI කොටස සහ තෙවැනි කාණ්ඩයේ XI කොටස; සහ
- 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ V කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii) 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා
(iii) 2016 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තිස් අටවැනි වාර්ෂික වාර්තාව
(iv) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii) 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2016 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(ix) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(x) 2015 සහ 2016 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තා හා ගිණුම්
(xi) 2015 සහ 2016 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලකී ජයවර්ධන මහතා
(ii) ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් කිරීම
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංගීත ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන නැසීගිය පණ්ඩිත් වණ්ණකුවත්තවඩුගේ දොන් අමරදේවයන්ට කෘතඥතාව පළකිරීම සඳහා “අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය” ලෙස නම් කර ඇති සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීම පිණිස ද; එකී පරමාර්ථ හා බලතල නිශ්චිතව දැක්වීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
(ii) ශ්‍රී ලංකාවේ වැවිලි කලාපයේ නව ගම්මාන සංවර්ධනය උදෙසා වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන අධිකාරියක් පිහිටුවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ
“වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය”
නමැති පනත් කෙටුම්පත කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි දිගම්බරම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - සංශෝධන සහිතව
(ii) ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පොලිස් ආරක්ෂක සහායකයින් නිත්‍ය සේවයට බඳවා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2018 ජූලි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






