ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 ජූලි මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-07-17

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2017 වර්ෂය සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii)   2014 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)   2017 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2017 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(vi)   2015 වර්ෂය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii)  2015 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii) 2015 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ix)   2015 වර්ෂය සඳහා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x)    2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(xi)   2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(xii)  2015 වර්ෂය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2015 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiv) 2015 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(xv)  2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(xvi) 2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව

(xvii)    2018 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

(xviii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ  58 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 26 වගන්තිය සහ 30 වගන්තිය යටතේ සුදුසුකම්ලත් තැනැත්තන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 පෙබරවාරි 05 දිනැති අංක 2057/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xix)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 35 වගන්තියේ (1), (2) සහ (4) උපවගන්ති යටතේ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූලි 10 දිනැති 2079/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කරන ලද  2018 පෙබරවාරි 05 දිනැති අංක 2057/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xx)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 45(2) වගන්තිය යටතේ තාක්ෂණ විගණන කාර්යපටිපාටිය සහ ගාස්තු සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 පෙබරවාරි 05 දිනැති අංක 2057/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xxi)    1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 20 වගන්තිය යටතේ ආනයන හා අපනයන (පාලන) නියෝග සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 18 දිනැති අංක 2076/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු හරින් ප්‍රනාන්දු මහතා
(ii)   ගරු ගාමිණී ලොකුගේ මහතා               
(iii)  ගරු විමලවීර දිසානායක මහතා
(iv)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා          -      පෙත්සම් හයයි
(v)   ගරු එස්. එම්. මරික්කාර් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    හානිපූරණය සඳහා වන කාර්යාලය - හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම පිණිස ද; හානිපූරණය සඳහා යෝග්‍ය පීඩාවට පත් තැනැත්තන් හඳුනා ගැනීම සඳහා සහ එම තැනැත්තන්ට තනි සහ සාමූහික හානිපූරණයන් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද; 1987 අංක 29 දරන තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පනත ඉවත් කිරීම පිණිස සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(ii)    එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා
(iii)   වෛද්‍ය (සංශෝධන) - (105 වන අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා

 

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 112හි විධිවිධානවල සහ 2018 ජූනි මස 20 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, මන්ත්‍රීවරයන් නව දෙනෙකුගෙන් (09) සමන්විත විය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌ය සහ සිංගප්පූරු ජනරජය අතර නිදහස් වෙළඳ ගිවිසුම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2018 ජූලි මස 17 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි