2018 ජූලි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-07-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව (2018.01.01 - 2018.03.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය සාධන වාර්තාව
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 19 දිනැති අංක 2076/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ප්රතිසන්ධාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කරුණාරත්න පරණවිතාන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ජනමාධ්‍යයට ඇති තර්ජන
අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුලතිවු ප්‍රදේශයේ සංවර්ධන සැලැස්ම
අමාත්‍යාංශ නිවේදන
හජ් වන්දනාව සම්බන්ධයෙන් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය, ගරු අබ්දුල් හලීම් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2018 ජූනි මස 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 118 යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ ක්‍රමය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2018 ජූලි මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






