2018 ජූලි මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-07-04 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : සභාව තුළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016/17 වර්ෂය සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි වාර්ෂික වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගැන්වීම.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එස්. බී. නාවින්න මහතා
(ii) ගරු පියංකර ජයරත්න මහතා
(iii) ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii) ගරු ඩලස් අලහප්පෙරුම මහතා
(iii) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iv) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ඉන්දියාවේ සිට නීති විරෝධීව පැමිණෙන සරණාගතයින්
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 16 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනා පහක්
(iii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2018 ජූලි මස 5 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






