ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 ජුනි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-06-20

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : සම්බන්ධීකරණ කාරක සභාව පත්කිරීම
‘B’ : ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ කටයුතු කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘C’ : ගෘහ්‍ය කාරක සභාවේ කටයුතු කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘D’ : නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සේවය පිණිස මන්ත්‍රීවරයෙක් පත්කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2017 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්
(ii)  2017 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව

(iv) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව

(v)  (190 වැනි අධිකාරය වූ) තැපැල් කාර්යාල ආඥාපනතේ 9, 12, 19, 21, 25, 27, 49, 59, 62, 64, 67, 68, 72, 95, 96 සහ 97 වගන්ති යටතේ තැපැල් ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 07 දිනැති අංක 2074/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ව්‍යවස්ථාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු වේලු කුමාර් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා               -       පෙත්සම් දෙකයි
(ii)   ගරු දයාසිරි ජයසේකර මහතා
(iii)  ගරු විමලවීර දිසානායක මහතා
(iv)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(v)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා      -       පෙත්සම් නවයයි
(vi)  ගරු මුජිබුර් රහුමාන් මහතා
(vii) ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

රජයට හෝ රජයේ නියෝජ්‍යායතනයකට අයිති ඇතැම් සහාධිපත්‍ය දේපළ ලියාපදිංචි කිරීම සහ බැහැර කිරීම සඳහා පහසුකම් සැලැස්වීම සඳහා සහ ඒ හා සම්බන්ධ ‍හෝ එයට ආනුෂංගික කාරණා  සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ

“බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන)”

නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය;

මතු දැක්වෙන පරිදි අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා හතළිස් තුනක් (43) පත් කළ යුතු ය.

1.    ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
2.    මහවැලි සංවර්ධන හා පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
3.    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
4.    සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
5.    බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
6.    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
7.    මුදල් හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
8.    විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
9.    නගර සැලසුම් හා ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
10.    රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
11.    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
12.    වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
13.    ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
14.    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
15.    අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
16.    කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
17.    මහානගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
18.    කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
19.    වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
20.    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
21.    වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
22.    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
23.    සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
24.    මහාමාර්ග හා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
25.    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
26.    උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
27.    නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
28.    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
29.    කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
30.    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
31.    කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
32.    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
33.    අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
34.    නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
35.    තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
36.    තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
37.    ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
38.    විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
39.    සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
40.    පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
41.    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
42.    තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
43.    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

අංක 112 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් උපදේශක කාරක සභාව මන්ත්‍රීවරයන් අටදෙනෙකුගෙන් (8) සමන්විත විය යුතුය.

එක් එක් උපදේශක කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීවරයන් තුන් දෙනෙකු (3) අවශ්‍ය විය යුතුය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හමුදා සහ පොලිස් කඳවුරු ඉවත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1913 ට 2018 ජුනි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි