2018 ජුනි මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-06-07 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : බැඳුම්කර කොමිෂන් වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත්, පිටතත්, පැතිරෙන චෝදනා සහ වාර්තා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කීර්ති නාමයට හානි වීම පිළිබඳව
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix) 2017 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x) 2017 වර්ෂය සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi) 2017 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii) 2015 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(ii) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(iii) ගරු චමින්ද විජේසිරි මහතා
(iv) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි උන්නිච්චෛයිකුලම් වැවෙහි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගොවීන් මුහුණ පා ඇති දුෂ්කරතා
(ii) ගරු අනුර දිසානායක මහතා
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවීම හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරී තත්වය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් පී. පෙරේරා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සුරාබදු ආඥාපනත යටතේ නිවේදන පහක්
සභාව විසින් අනුමත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“මෙරට මූල්‍ය ආයතන සම්බන්ධව පවත්නා අර්බුදකාරී තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2018 ජුනි මස 8 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






