2018 මැයි මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-05-25 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2015 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(viii) 2015 සහ 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තා සහ ගිණුම්
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට බැංකු සංවර්ධන සහකාරකවරුන් බඳවා ගැනීම
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත යටතේ යෝජනා හතක්
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1610 ට 2018 ජුනි මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






