2018 මැයි මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-05-24 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මොහොමඩ් නවවි මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
‘B’ : ගරු කථානායකතුමා සමඟ විශේෂ රැස්වීම
‘C’ : පහත සඳහන් කාරක සභාවලට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් -
(i) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
(ii) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
(iv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
(v) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
(vi) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XIV කොටස; සහ
- 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIV, XV, XVI, XVII හා XVIII කොටස්, හයවැනි කාණ්ඩයේ VI, VII, X, XI හා XII කොටස් සහ දසවැනි කාණ්ඩයේ VII, VIII, IX හා X කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා හා ගිණුම්
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iii) 2015 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකාව, තිස් හත්වැනි වාර්ෂික වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(v) 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා
(vii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කැළණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii) 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(x) 2015 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xi) 2015 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xiii) 2015 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xiv) 2015 වර්ෂය සඳහා කොළඹ විශ්විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුහමාලෙයි ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීම
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1515 ට 2018 මැයි මස 25 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






