2018 මැයි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-05-23 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : තේරීම් කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවේ දසවැනි කාණ්ඩයේ III, XI සහ XII කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය
(ii) 2014/2015 සහ 2015/2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා
(iii) 2012 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv) 2013 වර්ෂය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2014 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය
(vi) 2015 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ පානීය ජල ගැටලුව සහ වනාන්තර විනාශ කිරීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
ඊ.ටී.අයි. ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් මුහුණ දී සිටින ගැටලුකාරී තත්වය
මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ඉරාන් වික්‍රමරත්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක්
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂාන් විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1917 ට 2018 මැයි මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






