ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-05-22

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘B’:  සභාපති නාමාවලියට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(ii)   2016 වර්ෂය සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)  2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iv)  2015 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v)   2013 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව

(vi)  2016 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(vii)   සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ)  32(1) වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 18 දිනැති අංක 2054/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
(අංක 03/2018 දරන සුරාබදු නිවේදනය)

(viii)   සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 25 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 18 දිනැති අංක 2054/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
(අංක 04/2018 දරන සුරාබදු නිවේදනය)

(ix)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 2 සහ 22 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 23 දිනැති අංක 2055/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදන.
(අංක 05/2018 සහ  06/2018 දරන සුරාබදු නිවේදන)

(x)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 2, 12, 22 සහ 25 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 පෙබරවාරි 21 දිනැති අංක 2059/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
(අංක 07/2018 දරන සුරාබදු නිවේදනය)

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    1990 සුවසැරිය පදනම - 1990 සුවසැරිය පදනම පිහිටුවීම සඳහා ද, ඊට සම්බන්ධ සහ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ
(ii)    ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) - 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ

 

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 116 හි විධිවිධාන ප්‍රකාරව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් හය දෙනෙකුගෙන් (06) සමන්විත විය යුතු ය

(ii)    ගෘහ්‍ය කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 117 හි විධිවිධාන ප්‍රකාරව, ගෘහ්‍ය කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් නව දෙනෙකුගෙන් (09) සමන්විත විය යුතු ය

(iii)    ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 118 හි විධිවිධාන  ප්‍රකාරව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දස දෙනෙකුට (10) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි හය දෙනෙකුගෙන් (26) සමන්විත විය යුතු ය

(v)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 120 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි හය දෙනෙකුගෙන් (26) සමන්විත විය යුතු ය

(vi)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 121 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකු හා සාමාජික මන්ත්‍රීවරයන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු ය

(vii)    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ධීවර ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2018 මැයි මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි