2018 මැයි මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-05-11 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු කථානායකතුමා සමඟ විශේෂ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පසුගිය යුධ කාලයේ ක්‍රියාත්මක වූ සංවිධානවල පුනරුත්ථාපනය කරන ලද හිටපු සාමාජිකයින් හට ලබාදුන් බැංකු ණය පියවීම
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) - (129 වන අධිකාරය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා
(ii) සූතිකාධාර (සංශෝධන) - (140 වන අධිකාරය වූ) සූතිකාධාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1256 ට 2018 මැයි මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






