2018 මැයි මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-05-10

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ  ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය

(ii)    විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික  කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2016 නොවැම්බර් 17 වැනි දින ගරු කථානායකතුමා විසින් පත්කරන ලද විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික  කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට, තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන කරුණු, 2016 අප්‍රේල් 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව අංක 102 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව 2018 නොවැම්බර් 20 වැනි දින දක්වා දීර්ඝ කළ යුතුය

(iii)    බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2017 මැයි 23 වැනි දින ගරු කථානායකතුමා විසින් පත්කරන ලද බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට, තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන කරුණු, 2017 පෙබරවාරි 09 වැනි  දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාරක සභාවට ලබාදී ඇති කාල සීමාව පාර්ලිමේන්තුවේ අංක 102 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව, 2018 දෙසැම්බර් 05 වැනි දින දක්වා දීර්ඝ කළ යුතුය

 

කල් තැබීමේ යෝජනාව

“අතිගරු ජනාධිපතිතුමා විසින් 2018.05.08 දින පාර්ලිමේන්තුව අමතා කරන ලද කථාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2018 මැයි මස 11 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.