2018 අප්‍රේල් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-04-06 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : සභාපති නාමාවලියේ දැනට සිටින මන්ත්‍රීන් වෙනුවට නව මන්ත්‍රීන් පත් කිරීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ටී. බී. ඒකනායක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු බුද්ධික පතිරණ මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ශෝක ප්‍රකාශ යෝජනා
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු අලවි මවුලානා මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු කරුපයියා වේලායුදම් මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු සුරනිමල් රාජපක්ෂ මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු යූ. බී. විජේකෝන් මහතා
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ෆයිසාල් කාසිම් මහතා
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රතිරූපයට හානි කිරීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1734 ට 2018 අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.