2018 මාර්තු මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-03-23

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)   2016 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii)  2015 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)  2015 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාව
(v)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව
(vi)  2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(vii)  2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මාර්තු 16 දිනැති අංක 2062/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2017 දෙසැම්බර් 15 දිනැති අංක 2049/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු දුමින්ද දිසානායක මහතා    -         පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකාවේ ඇතැම් මූල්‍ය ආයතනයන්හි අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් 2018.01.23 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    අග්‍ර‍විනිශ්චයකාරවරයාගේ සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව යටතේ තීරණය
(ii)    සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)   නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් පහක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2018 අප්‍රේල් මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.