2018 මාර්තු මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-03-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව, 2017 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා (2017.04.01 - 2017.06.30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
සහ
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ සිව්වැනි කාර්තුව සඳහා (2017.10.01 - 2017.12.31) විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 06 දිනැති අංක 2044/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 07 දිනැති අංක 2044/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 08 දිනැති අංක 2044/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 20 දිනැති අංක 2046/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 13 දිනැති අංක 2049/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 14 දිනැති අංක 2049/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 31 දිනැති අංක 2051/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(viii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 18 දිනැති අංක 2054/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ix) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 31 දිනැති අංක 2056/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(x) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 පෙබරවාරි 15 දිනැති අංක 2058/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ඉඩම් ඔප්පු ලබාදීමේ ව්‍යාපෘතිය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(ii) බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පළාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණය ක්‍රියාවලිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තාරක බාලසූරිය මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1728 ට 2018 මාර්තු මස 23 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






