2018 මාර්තු මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-03-21 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XII හා XIII කොටස්, හයවැනි කාණ්ඩයේ VIII, IX හා XIV කොටස් සහ දසවැනි කාණ්ඩයේ VI කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව
(iii) 2015 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv) 2016 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පස්වැනි වාර්තාව (2017.03.01 සිට 2017.06.30 දක්වා) එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ‘ඇමෙරිකන් වෝටර්’ ව්‍යාපෘතිය
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මහතා සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
කෘෂිකාර්මික හා ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පත්කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී -
(i) කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝග - අනුමත කරන ලදී
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1750 ට 2018 මාර්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.