2018 මාර්තු මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-03-20 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘C’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii) 2014 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 8, 14 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (ගාස්තු) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 143 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (අධිවේගි මහාමාර්ග) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vi) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 215අ වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ස්ථානීය දඩ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 11 දිනැති අංක 2049/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 1004 දරන සුරාබදු නිවේදනය)
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික කටයුතු පීඨයේ දර්ශන හා ඇගයුම් අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 01 දිනැති අංක 1995/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යාව අධ්‍යයන අංශයක් සහ ව්‍යවහාර විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජූනි 16 දිනැති අංක 1867/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 දෙසැම්බර් 29 දිනැති අංක 2051/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු මොහොමඩ් නවවි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු අශෝක් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(ii) ගරු ලකී ජයවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පසුගිය යුධ කාලයේ ක්‍රියාත්මක වූ සංවිධානවල හිටපු සාමාජිකයින්ට වන්දි මුදල් ගෙවීම
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) භාර (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග
(iii) නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ රීති
(iv) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2018 මාර්තු මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.