2018 මාර්තු මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-03-07 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 10 දිනැති අංක 2053/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 29 දිනැති අංක 2056/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව එකී කාරක සභාවේ සභාපති ගරු කරු ජයසූරිය මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ සේවය කරන ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබාදීම
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ගරු වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 53; විරුද්ධව 16)
(iv) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත - සංශෝධන සහිතව
(v) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2018 මාර්තු මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






