2018 පෙබරවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-02-21 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ
(ii) 2015 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ
(iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
(iv) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ
(v) 2013 සහ 2014 වර්ෂ සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ
(vi) 2015 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ
(vii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(viii) 2016 වර්ෂය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ඊ. සරවනපවන් මහතා
පළාත් පාලන ආයතන මැතිවරණ සමය තුළ ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා විසින් කරන ලද ප්‍රකාශයකින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපයට හානි කිරීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනුර සිඩ්නි ජයරත්න මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “පොතුවටවන මහා විහාරය පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මෝටර් වාහන පනත යටතේ නියෝගය
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පාසල් වර්ග කිරීම දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1818 ට 2018 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






