2018 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-02-20 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
(ii) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ
(iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(iv) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්හි
(v) 2012/2013 ගිණුම් වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ්හි
(vi) 2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ
(vii) 2015 වර්ෂය සඳහා සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනයේ
වාර්ෂික වාර්තා
(viii) 2016 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(ix) (276 වන අධිකාරය වූ) නීති අධ්‍යාපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ, අධිකරණ අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සාදන ලදුව 2017 නොවැම්බර් 28 දිනැති අංක 2047/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති
(x) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 61 වගන්තිය යටතේ, අග්‍රවිනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව, අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 දෙසැම්බර් 21 දිනැති අංක 2050/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු කේ. කේ. පියදාස මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා
(ii) ගරු මනූෂ නානායක්කාර මහතා
(iii) ගරු ගාමිණී ලොකුගේ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ඩලස් අලහප්පෙරුම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1338 ට 2018 පෙබරවාරි මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.