ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 පෙබරවාරි මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-02-19

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ :  ‘පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත’ සහ ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහය’ අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI කොටස සහ අටවැනි කාණ්ඩයේ II කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017.10.01 දින සිට 2017.12.31 දින දක්වා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
සහ
(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2017.07.01 දින සිට 2017.09.30 දින දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


(ii)     2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(iii)    2016 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ
(iv)    2014 සහ 2015 වර්ෂ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ
(v)     2015 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ
(vi)    2016 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ
(vii)   2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ
(viii)  2015 වර්ෂය සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ
(ix)   2008, 20092010 සහ 2011 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සතොස හි
(x)    2013 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ
(xi)   2015 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ
(xii)  2015 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ
(xiii) 2014 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ

වාර්ෂික වාර්තා


(xiv)    2016 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
(xv)    2016 වර්ෂය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ
(xvi)    2016 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(xvii)    2015 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තා


(xviii)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 2, 12, 22 සහ 25 වගන්ති යටතේ පානීය නොවන ස්ප්‍රීතු ආනයනය සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 19 දිනැති අංක 2050/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
    (අංක 1005 දරන සුරාබදු නිවේදනය)

(xix)    2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2018.01.01 සිට 2018.01.22 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

(xx)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 18 දිනැති අංක 2050/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(xxi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 21 දිනැති අංක 2050/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)   නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)     ගරු අජිත් පී. පෙරේරා මහතා        -   පෙත්සම් හයයි
(ii)    ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා                    
(iii)   ගරු විජිත හේරත් මහතා                    
(iv)   ගරු වාසුදේව නානායක්කාර මහතා      -   පෙත්සම් දෙකයි
(v)    ගරු රංජිත් අලුවිහාරේ මහතා        -   පෙත්සම් දෙකයි
(vi)   ගරු කනක හේරත්  මහතා                    
(vii)  ගරු ඉම්රාන් මහරූෆ් මහතා                    
(viii) ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය      
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ - ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ණය කළමනාකරණය කරනු පිණිස සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත හෝ ණය එකතුකර ගැනීමට බලය ලබා දීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලස්වීම පිණිස ද වූ

(ii)    කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ - ඇපයෙන් සීමිත සමාගමක් වන කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය කොටස්වලින් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීමෙන් කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලස්වීම සඳහා ද වූ

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර මතු දිනකට කල් තබන ලදී -

(i)    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත
(ii)   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය

 

කල් තැබීමේ යෝජනාව

“රටේ පවත්නා දේශපාලන අර්බුදය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1823 ට 2018 පෙබරවාරි මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි