2018 පෙබරවාරි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-02-06 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු අහමදුලෙබ්බේ මුහම්මදු නසීර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව පාර්ලිමේන්තුව කැඳවීම
‘B’ : ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා පිළිබඳ කල් තැබීමේ විවාදයේදී මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු ආකාරය
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව අග්‍රාමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1600 ට 2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.