2017 දෙසැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-12-11 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
(ii) ගරු මුජිබුර් රහුමාන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“සුරාබදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
වරප්‍රසාද
(i) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 09 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු
සහ
(ii) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 23 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු
සම්බන්ධ වරප්‍රසාද යෝජනා ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අංක 1 සහ 4 සිට 7 දක්වා වූ විෂයයන් අනුමත කරන ලද අතර, අංක 2 සහ 3 විෂයයන් ඉදිරි දිනකට කල් තබන ලදී -
(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 53; විරුද්ධව 08)
(ii) ප්‍රපාතන විරෝධී සහ ප්රතිතෝලන බදු පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(vi) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 52; විරුද්ධව 08)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1126 ට 2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






