2017 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-12-08 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව. (2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව (2017.01.24 සිට 2017.05.24 දක්වා) එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බුද්ධික පතිරණ මහතා
(ii) ගරු නාමල් රාජපක්ෂ මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු සුජිත් සංජය පෙරේරා මහතා
(iv) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(v) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
හිටපු ජනාධිපති, ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීම
අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නාමල් රාජපක්‍ෂ මහතාට අවසර දෙන ලදී.
(ii) “ආයිෂා අධ්‍යාපන භාරය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජනා දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන)
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 72; විරුද්ධව 7) සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1954 ට 2017 දෙසැම්බර් මස 9 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.