2017 දෙසැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-12-07 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 සහ 2010 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ
(ii) 2016 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
(iii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
(iv) 2016 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ
(v) 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(vi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වගන්තියේ (4) උපවගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පිළිබඳ යෝජනාව
(vii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වගන්තියේ (4) උපවගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පිළිබඳ යෝජනාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(ii) ගරු බිමල් රත්නායක මහතා
(iii) ගරු මුජිබුර් රහුමාන් මහතා
(iv) ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ පූර්ව දැනුම්දීම් දෙමළ භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගැනීම
අමාත්‍යාංශ නිවේදන
සූරියවැව-මීගහජඳුර මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට වන්දි ලබාදීම සම්බන්ධයෙන් 2017.11.28 දින ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව යටතේ අසන ලද ප්‍රශ්නයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ විසිදෙවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1926 ට 2017 දෙසැම්බර් මස 8 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.