2017 දෙසැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-12-06

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24අ වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 18 දිනැති අංක 2032/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා         
(ii)   ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
(iii)  ගරු දුනේෂ් ගන්කන්ද මහතා    
       
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

වෙළෙඳපොළ ආයතන, සුරැකුම්පත් පිළිබඳ මහජන අර්පණයන්, වෙළෙඳපොළ අතරමැදියන් නියාමනය කිරීම සඳහා ද; වෙළෙඳපොළ විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ද; කොටස් වෙළෙඳපොළවල් විසින් මුහුණපාන අභියෝග සම්බන්ධව ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා ද; ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සඳහා සහ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පනත ඉවත් කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද, විධිවිධාන සැලැස්වීම පිණිස වූ

“සුරැකුම්පත් විනිමය”

නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ විසිඑක්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2017 දෙසැම්බර් මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.