2017 දෙසැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-12-05 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2016.10.01 - 2016.12.31) සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.10.01 සිට 2017.10.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ii) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 2, 12, 22 සහ 25 වගන්ති යටතේ, පානීය නොවන ස්ප්‍රීතු ආනයනය සඳහා වූ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය. (අංක 999 දරන සුරාබදු නිවේදනය)
කාරක සභා වාර්තා පිළිගැන්වීම
2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මහින්ද සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දයා ගමගේ මහතා
(ii) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(iii) ගරු බුද්ධික පතිරණ මහතා
(iv) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් හතරයි
(v) ගරු ප්‍රසන්න රණතුංග මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර සහනාධාර ලබාදීම සහ යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ට ලූනු බීජ ලබාදීම
අමාත්‍යාංශ නිවේදන
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ හටගත් ගැටුම්කාරී තත්වය හේතුවෙන් මේ වන විට ජනතාව පත්වී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් 2017.11.24 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
විශේෂ කාරක සභා
බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
2017 පෙබරවාරි මස 09 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින්, එම කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව 2018 ජූනි මස 05 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 18 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ විසිවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2017 දෙසැම්බර් මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.