2017 දෙසැම්බර් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-12-04 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(ii) 2016 වර්ෂය සඳහා ලංකා බැංකුවේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(ii) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගංවතුර සහ කුණාටු තත්වය නිසා ඇති වූ ස්වාභාවික විපත්
පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) විසර්ජන (සංශෝධන) - 2016 අංක 24 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) - 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහනවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(iii) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iv) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(v) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(vi) විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(vii) ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(viii) හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2011
(ix) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012
(x) ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(xi) රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2017 දෙසැම්බර් මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.