2017 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-30 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “ඉ-චේම්බර්” පද්ධතිය භාවිතා කිරීම සහ ආශ්‍රිත පුහුණුව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22 වගන්තිය යටතේ, මත්පැන් සඳහා වූ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය (අංක 1000 දරන සුරාබදු නිවේදනය)
(ii) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 2 වගන්තිය යටතේ, සුරාබද්දට යටත් භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය (අංක 1001 දරන සුරාබදු නිවේදනය)
(iii) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22 වගන්තිය යටතේ, එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මත සුරාබදු අනුපාත සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය (අංක 1002 දරන සුරාබදු නිවේදනය)
(iv) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22 වගන්තිය යටතේ, 2015 දෙසැම්බර් 04 දිනැති අංක 1943/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ අංක 981 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 15 දිනැති අංක 2045/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය (අංක 1003 දරන සුරාබදු නිවේදනය)
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iii) ගරු තාරක බාලසූරිය මහතා
(iv) ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
දුෂ්කර පාසල්වල සේවය සඳහා බඳවා ගත් ගුරු සහායකයින් මුහුණපාන ගැටලුකාරී තත්වයන්
අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ තමන් පෙනී සිටීම පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) උතුරු පළාතේ නීති විරෝධි ධීවර කටයුතු සම්බන්ධයෙන් 2017.11.16 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1634 ට 2017 දෙසැම්බර් මස 4 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.