2017 නොවැම්බර් මස 29 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-29 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
‘B’ : ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2016 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ (3) උපවගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv) 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ (3) උපවගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් පහයි
(ii) ගරු සුජිත් සංජය පෙරේරා මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 20 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012/2013
(iii) සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013/2014
(iv) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2011
(v) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2015
(vi) ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2015
(vii) මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2015
(viii) සී/ස කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014
(ix) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2014
(x) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2014
(xi) මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2014
(xii) ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2014
(xiii) සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014
(xiv) ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014
(xv) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014/2015
(xvi) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2015/2016
(xvii) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013/2014
(xviii) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2013
(xix) ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014
(xx) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන - 2014
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පතුලේ ඇදගෙන යනු ලබන දැල් භාවිතා කරමින් ඉස්සන් ඇල්ලීමේ නියැලෙන ධීවරයින්ට සහනයක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1936 ට 2017 නොවැම්බර් මස 30 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.