ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 නොවැම්බර් මස 28 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-28

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ජේ. සී. අලවතුවල මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු ජේ. සී. අලවතුවල මහතා              -     පෙත්සම් දෙකයි

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ විදේශ සංචාරය සම්බන්ධයෙන් 2017.11.25 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු ෆයිසර් මුස්තාපා මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    වෙළඳ නැව් පනත යටතේ නියෝග
(iii)   නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග
(iv)   සී/ස ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012/2013
(v)    සී/ස ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013/2014
(vi)   ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012
(vii)  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(viii) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සූරියවැව-මීගහජඳුර මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට වන්දි ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2017 නොවැම්බර් මස 29 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි