2017 නොවැම්බර් මස 27 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-27

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු තලතා අතුකෝරල මහත්මිය

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද

(i)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු

සහ

(ii)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 22 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු

සම්බන්ධ වරප්‍රසාද යෝජනා ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii)    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iii)   ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජීවත් වන ජනතාවට වඳුරන්, රිළවුන්, ඉත්තෑවන් වැනි සතුන් නිසා සිදුවන පීඩා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආනන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1934 ට 2017 නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.