2017 නොවැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-25 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ
වාර්ෂික වාර්තා
(iii) 2016 වර්ෂය සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අළුවිහාරේ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපතිනි ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ විදේශ සංචාරය
අමාත්‍යාංශ නිවේදන
මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්, සෙයීඩ් රා’අද් අල් හුසේන් කුමරා විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව නිකුත් කරන ලද ප්‍රකාශය නිශේධනය කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් 2017.09.20 දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සංවර්ධන කාර්යභාර අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු - ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රපාතන විරෝධී බදු සහ ප්‍රතිතෝලන බදු විමර්ශනය කිරීම සහ පැනවීම සඳහා ද; ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා
(ii) ආරක්ෂණ පියවර - ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සහ එම නිෂ්පාදන මත ආරක්ෂණ පියවර ගැනීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා
(iii) ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) - 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014
(iii) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iv) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012
(v) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014
(vi) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014
(vii) ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2017 නොවැම්බර් මස 27 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






