ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 නොවැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-24

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ
(ii)   2015 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ
(iii)  2015 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ
(iv)  2015 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ
(v)   2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(vi)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා                    
(ii)   ගරු ලකී ජයවර්ධන මහතා       -      පෙත්සම් දෙකයි       
(iii)  ගරු බුද්ධික පතිරණ මහතා     -      පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ හටගත් ගැටුම්කාරී තත්වය හේතුවෙන් මේ වන විට ජනතාව පත්වී ඇති ගැටලුකාරී තත්වය

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2017 නොවැම්බර් මස 23 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii)    ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iii)   ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1929 ට 2017 නොවැම්බර් මස 25 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි