2017 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-23 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා (2017.04.01 - 2017.06.30) මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් පහයි
(ii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු රොෂාන් රණසිංහ මහතා
තම කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ජීවිතයට ඇති තර්ජනය පිළිබඳව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
(ii) සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012 (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ධීවරයින් ආරක්ෂා කිරීම සඳහා ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1954 ට 2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.