2017 නොවැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
පෙත්සම් පිළිගැන්වීම
ගරු සන්දිත් සමරසිංහ මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(ii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2012
(iii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iv) රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අපේක්ෂකයන්ගේ පදිංචියට අදාළ ප්‍රදේශය තුළට ගුරු පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1946 ට 2017 නොවැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






