2017 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-21 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හේතුවෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ
(ii) 2016 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(ii) ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් පහයි
(iii) ගරු චන්දිම වීරක්කොඩි මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ලසන්ත අලගියවන්න මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික බිම් ප්‍රදේශ 5ක ගොවි පවුල් 717 කට සිය ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ සැලසීම
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ දසවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2017 නොවැම්බර් මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.