2017 නොවැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-20

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ :  2018 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබූ දිනයන් සංශෝධනය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා            
(ii)   ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(iii)  ගරු කනක හේරත් මහතා      
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභික මන්ත්‍රීන් පස්දෙනෙකු වෙත අර්ජුන් ඇලෝසියස් මහතා ලබා දුන් දුරකථන ඇමතුම්වල විස්තර ප්‍රසිද්ධියට පත්කිරීම

 

විශේෂ කාරක සභා

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් ‍යෝජනා වලට සභාව එකඟ විය -

(i)    තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව  2018 නොවැම්බර් මස 20 වැනි දින දක්වා දීර්ඝ කිරීමට

 

(ii)    විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික  කරුණු විමර්ශනය කර  වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2016  අප්‍රේල් මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින්, එම කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව 2018  මැයි මස 20 වැනි දින දක්වා දීර්ඝ කිරීමට

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ නවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

(ii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන)
සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1725 ට 2017 නොවැම්බර් මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.