2017 නොවැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-18 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතික සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) (235 අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව (2017 අගෝස්තු 11 දිනැති අංක 2031/49 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2014 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ
(iii) 2015 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ
වාර්ෂික වාර්තා
(iv) 2016 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - කාරක සභාව
2018 විසර්ජන පනත් කෙටුම්පතේ අටවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014
(ii) ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2013
(iii) ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම් - 2014
(iv) අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන - 2013
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






