2017 නොවැම්බර් මස 16 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-16 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව,
(i) රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 21 දිනැති අංක 2037/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ii) රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 21 දිනැති අංක 2037/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii) වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 21 දිනැති අංක 2037/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iv) අග්නිදිග විශ්වවිද්‍යාලයේ, කලා හා සංස්කෘති පීඨය තුළ සමාජ විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 29 දිනැති අංක 2038/75 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(v) 2016 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ
(vi) 2016 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ
කාර්ය සාධන වාර්තා
(vii) 2016 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(ii) ගරු අශෝක් අබේසිංහ මහතා
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iv) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ නීති විරෝධි ධීවර කටයුතු
අමාත්‍යාංශ නිවේදන
(i) නීති විරෝධී කටයුතු හේතුවෙන් පාලියාරු ඔයේ ඉවුර විනාශ වීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු ෆයිසර් මුස්තාපා මහතා විසින් පිළිතුරු සපයන ලදී
(ii) සෙවණගල, පැල්වත්ත සහ හිඟුරාණ ප්‍රදේශවල උක් ගොවි ජනතාව මුහුණ පා සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් පිළිතුරු සපයන ලදී
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.
විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 151 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 58 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2018) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2017 නොවැම්බර් මස 17 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.