2017 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-14 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අනු කාරක සභාවේ වාර්තාව බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මහින්ද අමරවීර මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
(iii) ගරු රංජිත් අලුවිහාරේ මහතා - පෙත්සම් හතයි
(iv) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව බ්‍රිතාන්‍යය විදෙස් හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය විසින් දරන අසතුටුදායක ස්ථාවරය වෙනස් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1857 ට 2017 නොවැම්බර් මස 15 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.