2017 නොවැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-11

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) ව්‍යවස්ථාව අනුව 2018 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ

(ii)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ
(iii)  2015 වර්ෂය සඳහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ
(iv)  2015 වර්ෂය සඳහා හොටෙල් ඩෙවෙලොපර්ස් (ලංකා) පීඑල්සී හි

වාර්ෂික වාර්තා

(v)   2016 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(vi)  2016 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ‍ජනරාල් දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වාසුදේව නානායක්කාර මහතා          -         පෙත්සම් දෙකයි
(ii)   ගරු විමලවීර දිසානායක මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2018) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 යටතේ සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1845 ට 2017 නොවැම්බර් මස 13 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.