2017 නොවැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-11-10 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්රීන්ගේ ප්රතිඥාව හෝ දිවුරුම
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ මන්ත්රීවරියක වශයෙන් අසුන් ගැනීමට සුදුස්සකු නොවන බවට ශ්රේෂ්ඨාධිකරණය විසින් කරන ලද තීරණයට අනුව අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ඉහල මැදගම ගමගේ පියසේන මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41ආ (6) ව්යවස්ථාව ප්රකාරව 2017 වර්ෂයේ දෙවන කාර්තුව (2017.04.01-2017.06.30) සහ තෙවන කාර්තුව (2017.07.01- 2017.09.30) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව;
සහ
(ii) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41ආ (6) ව්යවස්ථාව ප්රකාරව 2017 වර්ෂයේ පළමු කාර්තුව (2017.01.01-2017.03.31) සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යාංශයේ
(ii) 2016 වර්ෂය සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ
(iii) 2016 වර්ෂය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ
(iv) 2016 වර්ෂය සඳහා ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
(v) 2015 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ
(vi) 2016 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ
කාර්ය සාධන වාර්තා
(vii) 2014 වර්ෂය සඳහා සීමාසහිත මිල්කො (පුද්ගලික) සමාගමේ
(viii) 2013 වර්ෂය සඳහා ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලකී ජයවර්ධන මහතා
(ii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්රීන්ගේ පනත් කෙටුම්පත්
“ජේ ශ්රී රංගා පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තෞෆික් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2018) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්යාය පත්රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුරු පළාතේ රෝහල්වල වෛද්යවරු ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩල සේවක හිඟය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1918 ට 2017 නොවැම්බර් මස 11 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.