2017 නොවැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-11-09

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදනය

අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට වන නිවේදනය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත්
(ii)   2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 4 සහ 7 වැනි වගන්ති යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2018

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

‍විසර්ජන පනත් කෙටුම්පත (2018) - දෙවැනිවර කියවීම

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා ප.ව. 03.00 ට '2018 අයවැය කථාව' පැවැත්වීය.

 

කථානායකතුමාගේ නිවේදනය

2018 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2017 නොවැම්බර් මස 13 වැනි සඳුදා මධ්‍යාහ්න 12.00 ට ‍හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදිය යුතු බව.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2018) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1743 ට 2017 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2018]

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.