2017 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-10-20 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ
(ii) 2014 වර්ෂය සඳහා සීමාසහිත සී-නෝර් පදනමේ
(iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ
(iv) 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(v) 2016 වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ජේ. සී. අලවතුවල මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
(ii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් පහයි
(iii) ගරු මලිත් ජයතිලක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
අනපේක්ෂිත සහ හදිසි අවස්ථාගත කරුණු හේතුකොට ගෙන ඡන්ද විමසීම් පැවැත්වීම කල් තබනු ලැබූ උතුරු පළාතේ ප්‍රාදේශීය සභා දෙකක් සම්බන්ධයෙන් අලුතින් නාමයෝජනා කැඳවීම සඳහා සහ ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ
“පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“හේෂා මිත්‍රත්ව පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මෝටර් වාහන පනත යටතේ නියෝග
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1607 ට 2017 නොවැම්බර් මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






