2017 ඔක්තෝබර් මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-10-19

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව
‘B’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(ii)   2016 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ
(iii)  2016 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)  2016 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ
(v)   2016 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා

(vi)   2014 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ
(vii)  2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව  (2016.09.01 සිට 2017.02.28 දක්වා)  එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා                    
(ii)   ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා      
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව ආරම්භ කරන ලද සයිටම් (SAITM) ආයතනයට විසඳුමක් ලබාදීම

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකාවේ තරීකතුල් අරූසීයතිල් කාදිරිය්යාහ් සංගමය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“දැනට ඉදිකළ සහ අනාගතයේ දී ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1954 ට 2017 ඔක්තෝබර් මස 20 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.