ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ඔක්තෝබර් මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-10-17

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතික සටහන් කිරීම

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXII, XXIII සහ XXIV කොටස්;
  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XV, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII හා XXIV  කොටස්, සිව්වැනි කාණ්ඩයේ VIII, IX හා X කොටස්, පස්වැනි කාණ්ඩයේ VII කොටස සහ හයවැනි කාණ්ඩයේ III, IV, V, VI, VII, VIII, IX, X, XI හා XII කොටස්; සහ
  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I, II සහ III කොටස් සහ හතරවැනි කාණ්ඩයේ I කොටස

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.08.01 සිට 2017.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

(ii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ  ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය උපාධි පිරිනමනු ලබන ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්  සාදන ලදුව, 2017 අගෝස්තු 16 දිනැති අංක 2032/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) (ආ)  වගන්තිය යටතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 18 දිනැති අංක 2032/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය


(iv)   2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(v)    2015 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ
(vi)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
(vii)  2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ

වාර්ෂික වාර්තා

(viii)    1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වගන්තිය යටතේ න්‍යෂ්ටික, රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ව්‍යාප්තියට අදාළ වන සම්බාධක සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 06 දිනැති අංක 2039/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ix)    1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වගන්තිය යටතේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව සඳහා අදාළ වන සම්බාධක සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 06 දිනැති අංක 2039/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(x)    1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 126 සහ 321 වගන්ති යටතේ මුහුදු යාත්‍රාකරුවන් පුහුණු කිරීමේ, සහතික කිරීමේ සහ මුරකාවලෙහි යෙදීමේ ප්‍රමිති සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 08 දිනැති  අංක 2018/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත, 2016 ඔක්තෝබර් 04 දිනැති අංක 1987/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ  පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා               -   පෙත්සම් හතරයි      
(ii)   ගරු ලකී ජයවර්ධන මහතා                    -    පෙත්සම් දෙකයි
(iii)  ගරු නිහාල් ගලප්පත්ති මහතා            
(iv)  ගරු කේ. කේ. පියදාස මහතා                   
(v)   ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා     -    පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම

(ii)    ගරු අනුර දිසානායක මහතා
සයිටම් (SAITM) ආයතනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)   2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම්භාරයේ පසුවන උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පුද්ගලයින්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1842 ට 2017 ඔක්තෝබර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි